වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන 29 ක් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (24) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සාකච්ඡාවේ මුලික අරමුණ ලෙස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල වර්තමාන ගැටළු සොයාබැලීම, නව සැලසුම් සකස් කිරීම, සහ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම යන කරුණු පෙන්වා දී ඒ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී, ආයතනවල ක්‍රියාකලාප නිවැරදි සහ විධිමත් ආකාරයෙන් සංවිධානය කරමින් ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ වැදගත් කම පෙන්වා දුන්නේය.
මෙහි දී තවදුරටත් ආයතනවල ප්‍රධාන කාර්යභාරයන් මනාව සැලැස්වීම, ආයතන අතර ක්‍රමවත් හා කාර්යක්ෂම සම්බන්ධතාවයක් ඇති කර ගැනීම, අනාගත සේවා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී සියලු සම්බන්ධිත පාර්ශ්වයන්ගේ දායකත්වය වඩාත් ගුණාත්මක ලෙස යොදා ගැනීම යානාදිය පිළිබඳව මෙහි දී අවධානය යොමු විය.