ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

Unpublished
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
  • SocialShare:

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් Zaw Moe Lwin ඊයේ (28) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර, ඒ අතුරින් ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයට ලක් විය.

ඈත අතීතයේ පටන් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා පිළිබඳ අවධාරණය කරමින් බ්‍රිගේඩියර් ජෙනරල් Zaw Moe Lwin සමුද්‍රීය ආරක්‍ෂාව සහ සම්බන්ධ ආරක්‍ෂක පුහුණු වැඩසටහන් වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කළේය.

සුහදත්වයේ සංකේතයක් ලෙස දෙපාර්ශවයේ නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී ද මෙම අවස්ථාවට සහභාගි විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.