තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීමට නාමයෝජනා කැඳවයි

Unpublished
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීමට නාමයෝජනා කැඳවයි
  • SocialShare:

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීමට නිර්දේශ කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු පත් කිරීමට අදාළ නීතියේ දක්වා ඇති පරිදි ප්‍රකාශකවරුන්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන වෙතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නාමයෝජනා කැඳවා තිබේ.

පනතේ විධිවිධාන වලට අනුව කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීණත්වය සහිත පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතු බව දක්වා ඇත.

තවද, එසේ නාමයෝජනා කරනු ලබන නාමිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ යම් පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු, යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තන් හෝ යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවිය යුතු අතර යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු නොලබන හෝ යම් වෘත්තියක නොයෙදෙන අයෙකු විය යුතුය.

මීට අදාළව පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි  www.parliament.lk ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම' නමින් පළ කර ඇති  තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු අතර නිවැරදිව සම්පුර්ණ කරන ලද නාමයෝජනා 2025 පෙබරවාරි 7 වැනි දින හෝ ඊට පෙරආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය
, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය. එසේම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් තැපෑලෙහි විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.