එල් නිනෝ (EL NINO) දේශගුණික බලපෑමට මුහුදු දීම සඳහා විශේෂ අමාත්‍ය අනුකමිටුවක් සහ නිලධාරී කමිටුවක්

එල් නිනෝ (EL NINO) දේශගුණික බලපෑමට මුහුදු දීම සඳහා විශේෂ අමාත්‍ය අනුකමිටුවක් සහ නිලධාරී කමිටුවක්
  • SocialShare:

මෙරටට බලපෑම් කළ හැකි එල් නිනෝ දේශගුණික තත්ත්වයට මුහුණදීම සඳහා ජල, විදුලි සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ජාතික ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා අදාළ අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් සහ ඉහළ පෙළේ නිලධාරි කමිටුවක් පත් කිරීමට ද තීරණය කර ඇත. මෙම වැඩපිළිවෙළ මගින් නියඟ, ගංවතුර සහ අනෙකුත් දේශගුණික බලපෑම් අවම කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව ජල, විදුලි සහ ආහාර අර්බුද කළමනාකරණය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීමටත්, රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ මෙහෙයුම් ශක්තිමත් කිරීමටත් තීරණය කර ඇත.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටත්, ඊට සහාය වීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සභාපතිත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

දේශගුණික විපර්යාසවල බලපෑම් හමුවේ ජල, විදුලි හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් ජනජීවිතයට සහ ආර්ථිකයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.