Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "Dream Destination” ව්‍යාපෘතියට අනුව නවීකරණය කෙරුණු පළමු දුම්රිය ස්ථානය වන තල්පේ දුම්රිය ස්ථානයෙහි වැඩ අවසන් කර ජනතා අයිතියට පවරා දීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ සිදු විය.
"Dream Destination” දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වනුයේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමයි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ පුංචිහේවා යන මහත්වරුද, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී සුගීෂ්වර මහතා සහ එහි අධ්‍යක්ෂවරු, Dream Destination ව්‍යාපෘති අධ්‍යක්ෂ මහේෂි ගුණරත්න මහත්මිය ඇතුළු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු, දුම්රිය සාමාන්‍යාධිකාරි රවින්ද්‍ර පත්මප්‍රිය මහතා ඇතුළු එහි නිලධාරීහු, Star Garments (pvt) Ltහි කළමනාකාර අධ්‍යක්ෂ ඒ. සුකුමාරන්, අධ්‍යක්ෂ මෙහෙයුම් ජීවිත් සේනාරත්න, NIO Engineering සංවිධානයේ කැඳවුම්කරු, ලක්මිණ සමරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


