CRPD සමාලෝචනයට ශ්‍රී ලංකාවේ සූදානම්වීම් වේගවත් කෙරේ

CRPD සමාලෝචනයට ශ්‍රී ලංකාවේ සූදානම්වීම් වේගවත් කෙරේ
  • SocialShare:

එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) යටතේ ශ්‍රී ලංකාවේ මූලික වාර්තාව 2026 අගෝස්තු මාසයේ ජිනීවාහිදී සමාලෝචනය කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා සූදානම් වීමේ අන්තර් අමාත්‍යංශ සැසියක් ඊයේ (08) පැවැත්විණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසියට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද එක්විය.

ජාතික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, දත්ත යාවත්කාලීන කිරීම සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධාන හා සිවිල් සමාජය සමඟ උපදේශන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.
නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සියලු අංශ එක්ව ක්‍රියා කළ යුතු ජාතික වගකීමක් බවත්, ඒ සඳහා රජය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය.