වාහන ආනයනයෙන් රු. බිලියන 904ක ආදායමක්

වාහන ආනයනයෙන් රු. බිලියන 904ක ආදායමක්
  • SocialShare:

පසුගිය 2025 වසරේදී වාහන ආනයනය හරහා රුපියල් බිලියන 904ක ආදායමක් රජයට ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.

වාහන ආනයනයෙන් 2025 වසර සඳහා අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 441ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ අතර, වසර අවසානයේදී එය ඉක්මවා යමින් රුපියල් බිලියන 904ක ආදායමක් ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (20) උදෑසන පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව 2025 වසරේදී වාහන ආනයනය හරහා අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 463ක අතිරේක ආදායමක් රජයට ලැබී ඇති බවද ඔහු අවධාරණය කළේය.