ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන 45 වන ජාතික යෞවන සම්මාන උළෙල - 2026 ට සමගාමීව ජාතික තරගාවලි 08ක් යටතේ තරග අංශ 87ක් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ කලාත්මක, සාහිත්‍යමය, නිර්මාණාත්මක හා නවෝත්පාදන කුසලතා ජාතික මට්ටමින් හඳුනාගෙන ඇගයීමට ලක් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ප්‍රකාශ කළේය.
ජාතික තරුණ සේවා සභාවේ මහරගම ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී අද (26දා) මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
මෙවර තරගාවලිය සඳහා වයස අවුරුදු 15 සිට 29 දක්වා වූ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට අයදුම් කළ හැකි බවත්, රට පුරා සිටින දක්ෂතා ඇති තරුණ පිරිසට තම හැකියාවන් ප්‍රදර්ශනය කර ජාතික මට්ටමේ ඇගයීමක් ලබා ගැනීමට මෙය සුවිශේෂී අවස්ථාවක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙවර සම්මාන උළෙල ග්‍රාමීය මට්ටමේ සිට තරුණ තරුණියන්ගේ දක්ෂතා හඳුනාගත හැකි පරිදි ක්‍රියාත්මක කෙරෙන බැවින් තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවකට තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙවර තරගාවලිය යටතේ "Melody" සංගීත තරගාවලිය, "Steps" නර්තන තරගාවලිය, "Young Voices" කථික හා නිවේදන තරගාවලිය, "NovaMind" කෘතිම බුද්ධි (AI) නිර්මාණ තරගාවලිය, "Inkspire" සාහිත්‍ය තරගාවලිය, "Shutter Stories" ඡායාරූප තරගාවලිය, "Dream Canvas" චිත්‍ර තරගාවලිය සහ "Beyond Limits" ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වූ විශේෂ තරගාවලිය ඇතුළත් වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. භාෂා තුනෙන්ම (සිංහල, දමිළ සහ ඉංග්‍රීසී) තරග අංශ සඳහා ඉදිරිපත් විය හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.
මෙම තරගාවලිය තුළ ගායනය, වාදනය, නර්තනය, කථික හා නිවේදන, කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ නිර්මාණ, සාහිත්‍ය නිර්මාණ, ඡායාරූපකරණය, චිත්‍ර කලාව සහ ආබාධ සහිත තරුණ තරුණියන්ගේ නිර්මාණාත්මක දක්ෂතා ඇතුළුව විවිධ අංශ රැසක් ආවරණය වන අතර, රටේ විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන්ට තම හැකියාවන් ජාතික වේදිකාවක් මත ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දෙනු ලබන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති / ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා මෙම අවස්ථාවේ පැවසුවේ ය.
මෙවර සම්මාන උළෙල සංවර්ධනය කර ඇති බවත්, ඒ අනුව ප්‍රථම වරට දිස්ත්‍රික් සම්මාන උළෙල 25ක් ක්‍රියාත්මක කරන අතර, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් සඳහා සංචිත පදනම් කරගත් පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම තරුණ තරුණියන්ගේ සහභාගීත්වය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සංගීත, නර්තන සහ කථික/නිවේදන තරගාවලි ප්‍රාදේශීය මට්ටමින්ම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඔහු කීවේය.
ජාතික තරුණ සේවා සභාව සියලුම දක්ෂ තරුණ තරුණියන්ට මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් තම හැකියාවන් ජාතික මට්ටමින් ප්‍රදර්ශනය කිරීමට සභාපතිවරයා ආරාධනා කළේය.
අයදුම් කිරීම
අයදුම්කරුවන් 2026 ජූලි 30 දිනට පෙර nysc.lk/youthawards වෙබ් අඩවියට පිවිස මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කළ යුතුය.
ලියාපදිංචිය අවසන් වූ පසු ලැබෙන ලියාපදිංචි විස්තර සහිත පෝරමය තරග පැවැත්වෙන ස්ථාන වෙත රැගෙන පැමිණිය යුතු අතර, නිර්මාණ භාරදිය යුතු තරග සඳහා එම පෝරමය සමඟ නිර්මාණ 2026 සැප්තැම්බර් 10 දිනට පෙර ජාතික තරුණ සේවා සභාව, මහරගම ප්‍රධාන කාර්යාලයේ සෞන්දර්ය කුසලතා අංශයට භාරදිය යුතුය.
තරග කාලසටහන
අයදුම්පත් භාර ගැනීම – 2026 ජූනි 20 සිට ජූලි 30 දක්වා
ප්‍රාදේශීය තරග – 2026 අගෝස්තු 01 සිට අගෝස්තු 30 දක්වා
දිස්ත්‍රික් තරග – 2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 30 දක්වා
නිර්මාණ භාරදීමේ අවසන් දිනය – 2026 සැප්තැම්බර් 10
ජාතික තරග – 2026 ඔක්තෝබර් 01 සිට නොවැම්බර් 30 දක්වා
ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්ට 45 වන ජාතික යෞවන සම්මාන උළෙලේදී ජාතික සම්මාන, සහතිකපත් සහ මුදල් ත්‍යාග ප්‍රදානය කරනු ලැබේ.
වැඩි විස්තර සහ මාර්ගගත අයදුම්පත් සඳහා:
🌐 nysc.lk/youthawards


