දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන

දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන
  • SocialShare:

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට මෙම රතු නිවේදන බලපැවැත්වෙන අතර, බදුල්ල, නුවරඑළිය ඇතුළු තවත් ප්‍රදේශ රැසකට අදියර දෙක හා අදියර එක යටතේ අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත.

අදාළ අනතුරු ඇඟවීම් ඊයේ(21)පස්වරු 08.30 සිට අද(22) පස්වරු 08.30 දක්වා ක්‍රියාත්මක වේ. එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව  අවධානයෙන් සිටින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  වැඩිදුරටත් සඳහන් කරයි.