අමෙරිකාවෙන් දුන්‘Decisive’ වෙරළාරක්ෂක නෞකාව ශ්‍රී ලංකාව බලා පිටත්වේ

අමෙරිකාවෙන් දුන්‘Decisive’ වෙරළාරක්ෂක නෞකාව ශ්‍රී ලංකාව බලා පිටත්වේ
  • SocialShare:

ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකාවක් ලෙස සේවය කළ USCGC Decisive (WMEC-629) නෞකාව, P628 ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදීමෙන් පසු එක්සත් ජනපද වෙරළාරක්ෂක ජැටියෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇත.

නාවික සැතපුම් 14,775 ක ගමනක් සිදුකරන මෙම නෞකාව, ශ්‍රී ලංකා නාවික නෞකාවක් විසින් සිදු කරන දීර්ඝතම තනි මුහුදු ගමන ලෙස ඉතිහාසගත වේ. එසේම පැනමා ඇළ හරහා ගමන් කරන පළමු ශ්‍රී ලාංකික නාවික නෞකාවද මෙය වේ.

කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් 86 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නෞකාව රැගෙන එන අතර, මෙම නෞකාවා එළඹෙන මැයි 08 වන දින ත්‍රිකුණාමලය වෙත ළඟා වීමට නියමිතය.