මහවැලි ගංගාවේ ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මූතුර්,සේරුවිල , වැලිකන්ද , ලංකාපුර, තමන්කඩුව හා දිඹුලාගල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවලට මෙතැන් සිට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තවද මඩකලපුව – පොළොන්නනරුව මාර්ගය ගල්ලෑල ප්‍රදේශයෙන් ද සෝමාවතී රජමහා විහාර පිවීසුම් මාර්ගයද සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාර්ගයද ,සෝමාවතී රජමහ විහාරය අවට ප්‍රදේශයට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් මෙතැන් සිට ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් ද එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ,ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් අපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි


