ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පළමු වරට සංවිධානය කරනු ලබන ජාතික බාලදක්ෂ පොසොන් කලාපය දෙවන දිනටත් අද පැවැත්වේ.
ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා පැවැත්වෙන මෙම කලාපය තොරණ, පහන් කූඩු, මිහින්තලා අනුරූ, භක්ති ගීත සහ දන්සල් ඇතුළු ආගමික හා සංහිඳියා වැඩසටහන් රැසකින් සමන්විත වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම යටතේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ රාජ්‍ය-පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.


