රුසියානු ජාතික දිනය නිමිත්තෙන් කොළඹදී සැමරුම් උළෙලක්

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් කොළඹදී සැමරුම් උළෙලක්
  • SocialShare:

ජුනි 12 වන දිනට යෙදෙන රුසියානු ජාතික දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ කොළඹදී පැවත්විණි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ රුසියානු සමූහාණ්ඩුව සමග ආර්ථික, දේශපාලනික, සමාජීය හා සංස්කෘතිකවශයෙන් පවතින දිගුකාලීන මිත්‍රත්වය ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රගමනයට හේතුවන බවයි.

එමෙන්ම සියවස් ගනනාවක් පුරා දෙරට අතර පවතින මිත්‍රශීලී සහයෝගිතාව ඉතා අගය කළ එතුමා, එළබෙන වසරේ රුසියානු සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකාව අතර නිළ රාජතාන්ත්‍රික සබඳතා සඳහා දශක 7ක් සම්පූර්ණ වන බවත් එය නව සංධිස්තානයකට එළඹීමක් බවත් සඳහන් කළේය.

තවද ගෝලීය වශයෙන් රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමේදී හා ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදකාරී අවස්තාවන්වලදී රුසියානු සමූහාණ්ඩුව දැක්වූ සහයෝගය අගය කරමින් අමාත්‍යවර්යා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළේය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Mr. Levan S. Dzhagaryan ගේ ආරාධනයෙන්  මෙම අවස්තාවට ප්‍රවාහන, මහාමර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන්, ජනාධිපති ලේකම් ඉන්දික සනත් කුමාණායක මහතා ඇතුළු රාජ්‍ය නිළ ධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විවිධ රාජ්‍යන් නියෝජනය කරමින් තානාපතිවරු, ව්‍යාපාරිකයන් හා සම්භාවණීය අමුත්තන් රැසක් සහභාගිව සිටියහ.