ශ්‍රී ලංකාවේ උපදේශන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කෙරේ

ශ්‍රී ලංකාවේ උපදේශන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කෙරේ
  • SocialShare:

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපදේශන සේවයෙ විශාල ගැටළු පවතින බවත් සමහර උපදේශන සේවාවන් ලබා නොගැනීම සුදුසු බවත් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (18) දින පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබාගැනීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක උපදේශන අංශය මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කරන ලදි.

පසුගිය දශක කිහිපය තුළ රටේ ජනතාවගේ සිතුම් පැතුම් සංකීර්ණත්වයට පත්වී ඇති බවත් එය කොපමණ ඛේදනියද යත් පීඩාවන් දරාගත නොහැකිව සිය දිවි හානිකර ගැනීමේ ප්‍රවනතාවය ඉහල යාම දක්වා වර්ධනය වී ඇති බවත් එය සාමාන්‍යයෙන් ලක්ෂයකට පහළොවක් පමණ අගයක් ගන්න බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, උපදේශන අංශයේ අධ්‍යෂිකා ආර්.ඩී.පී. වෙඩික්කාර මහත්මිය, විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා, ජ්‍යේෂ්ඨ කථිකාචාරුය ඥාණදාස පෙරේරා මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අරුණශාන්ත වල්පොල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ ළමා හා කාන්ත කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි නිලධාරීන්, මනෝවිද්‍යා උපදේශකයන්, රජ්‍ය නොවන සංවිධන නියෝජිතයන් ඇතුළු පිරිසක් එකව සිටියහ.