ඉන්දුනීසියාව උප විදේශ කටයුතු අමාත්‍ය Muhammad Anis Matta මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අප්‍රේල් මස 25 දින සාර්ථකව අවසන් කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
සංචාරය අතරතුර, ඒ මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු නිලධාරීන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර වෙළඳාම, ආර්ථික සහයෝගිතාව, මුහුදු සම්බන්ධතා සහ සංස්කෘතික හුවමාරු වර්ධනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
දෙපාර්ශවයම දේශපාලන උපදේශන ඉක්මනින් ආරම්භ කිරීමටත්, උසස් මට්ටමේ සංචාර හුවමාරු වැඩිදියුණු කිරීමටත් එකඟ විය. එමෙන්ම, 2027 දී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 75 වසර පිරීමත් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාවය පළ කර තිබේ.
මෙම සංචාරය අතරතුර ඒ මහතා වදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා හමුවී ද්වීපාර්ශ්වික සහ කලාපීය කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.


