වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු සාම පා ගමනට සහභාගී වූ පිරිස අද (29) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ.
“එහිපස්සිකෝ” සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය ඊයේ (28) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවෙන් අනතුරුව පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමු විය.
ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදාහරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරයට රැගෙන යමින් මෙම සාම පාගමන දින 07ක් පුරා මෙරටදී පැවැත්විණි.


