ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රගතිය පිළිබඳව විමසා බැලීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (24) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්වල ප්‍රගති පිළිබඳව මෙහිදි සමාලෝචනය කරන ලදි.
ජනතාවට සිය ඉඩම් ගැටලු විසඳා ගැනීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාල 20ක් මේ වනවිට දිවයින පුරා ස්ථාපිත කර ඇත.
අඩු ආදායම්ලාභීන් සඳහා ඔප්පු පිරිනැමීම, රාජ්‍ය ආයතන සඳහා ඔප්පු ලබාදීම, කෘෂිකාර්මික ඉඩම් සඳහා බදු ඔප්පු ලබාදීම, ඉඩම් ගැටලු විමර්ශනය කිරීම, බදු නොගෙවන හා ඌණ උපයෝජිත ඉඩම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ආදී වැඩසටහන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්යාල හරහා සිදු කෙරේ.
අමාත්‍යවරයා ආයතනය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ සාකච්ඡා කල අතර එයට විසදුම් ලබා දීමටත් කටයුතු කරන බව සඳහන් කළේය.
සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විවිධ අංශ වෙත ගොස් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


