සිසුසැරිය බස්රථ සේවාව මෙම වසරේදි විධිමත් කිරීමට පියවර

සිසුසැරිය බස්රථ සේවාව මෙම වසරේදි  විධිමත් කිරීමට පියවර
  • SocialShare:

සිසුසැරිය බස්රථ සේවාව මෙම වසරේදි විධිමත් කිරීමේ පියවරක් ලෙස නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක් කිරීමට නියමිත බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග ඉසුරුපාය පරිශ්‍රයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමඛතාවක් සේ සලකා ක්‍රියා කරන බවත් මෙම වසරේ දී ඒ වෙනුවෙන් රුපියල් බිලියනයකට අධීක මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව “සිසුසැරිය” පාසල් බස් රථ සේවය වඩා විධිමත්ව පවත්වාගෙන යන බවද පාසලට සුරක්ෂිතව ගමන් කළ හැකි ක්‍රමවේද රැසක් සකස් කර ඇති අතර ඉදිරියේ දී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවා නිසි ලෙස ප්‍රමිතිගත කිරීමට නීතිමය වශයෙන් තිබූ අවහිරතාව ඉවත් කිරීම , එම රථවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුදුභාවය සහ රිය සහායක පිළිබඳ තොරතුරු රැස් කිරීමට අදාල පනත්,කෙටුම්පත් සකස් කරමින් පවතින බවද එහිදී සාකච්ඡා කර තිබේ.
“සිසුසැරිය” බස් රථ සේවාව දීප ව්‍යාප්තව ඉතා පුළුල් ලෙස ව්‍යා‍ප්ත කිරීම සඳහා පෞද්ගලික බස් රථ සහ කුඩා මට්ටමේ ආරක්ෂිත වාහන හිමියන්ට ද ආරාධනා කරන බවත් පාසල්වල ප්‍රවාහන අපහසුතා ඇති සිසුන් පිළිබඳව විදුහල්පති මාර්ගයෙන් දැනුවත් කරන ලෙසත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කර ඇත.