මැදපෙරදිග යුධ උණුසුමෙන් ලෝක ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළට

මැදපෙරදිග යුධ උණුසුමෙන් ලෝක ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළට
  • SocialShare:

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති අමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන අතර යුද උණුසුම හේතුවෙන් ලෝක ඉන්ධන වෙළඳපල දැඩි අස්ථිරතාවකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


දශක හතරකට පසුව ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළම මට්ටමකට පැමිණ ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණ කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.
එම තත්ත්වය අතරතුර පාකිස්තානය තුළ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් ඉහළ දැමීමට එරට රජය තීරණය කර ඇත. මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.
නව ඉන්ධන මිල ගණන් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර එය ඉදිරි දින හත සඳහා ද ක්‍රියාත්මක වන බව පාකිස්තාන බලධාරීන් සඳහන් කර ඇත.
මේ අතර ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවට කටාර් බලශක්ති අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ. ඉරාන–අමෙරිකා යුද ගැටුම් ඉදිරි සති කිහිපය දක්වා දිගු වුවහොත් එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම ගල්ෆ් කලාපයේ රටවල බොරතෙල් නිෂ්පාදනයද ඉදිරි දින කිහිපය තුළ අත්හිටුවීමේ අවදානමක් පවතින බවට ද අනතුරු අඟවා ඇත.
වසර දෙකකට පසුව මේ වනවිට ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඉහළම මට්ටමකට පැමිණ ඇති අතර, එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.