ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සමස්ත ශ්රී ලාංකේය සහ ලෝකවාසී සහෝදරියන් සහ දැරියන් වෙත උණුසුම් සුභපැතුම් පිරිනමන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
මෙවර ජාත්‍යන්තර කාන්තා දින ගෝලීය තේමාව ලෙස “සියලු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාකාරීත්වය” යන තේමාව ප්‍රකාශයට පත්කර ඇති අතර, සියලු කාන්තාවන්ට සහ දැරියන්ට අයිතිවාසිකම් ලබාදීම, යුක්තිය ඉටු කිරීම සහ ඔවුන් වෙනුවෙන් ක්රියාත්මක වීම එහි අරමුණ බවද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලාංකේය සමාජයේ සහ ආර්ථිකයේ සැබෑ ජීවය කාන්තාවන් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, පවුල තුළ මෙන්ම සමාජය තුළ කාන්තාව ඉටු කරන මෙහෙවර රටක අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවද අවධාරණය කළාය
අදට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අගමැතිගේ සුබ පැතුම් පණිවිඩය පහත දැක් වේ.


