නිවේදන පිළිපදිමින් නිසි වේලාවට ඉවත් වන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක

නිවේදන පිළිපදිමින් නිසි වේලාවට ඉවත් වන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක
  • SocialShare:

පූර්ව අනතුරු ඇඟවීමට ප්‍රථමයෙන් ආපදාව වන ස්ථාන පිළීබඳ නිශ්චිත අවබෝධයක් ජනතාවට ලබා දී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ලබා දුන් විට එම නිවේදනයට ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එකවර රතු නිවේදන ලබා නොදුන්නද පිළීවෙලින් සූදානම් වන ලෙස දැනුම් දෙන නිවේදන නිකුත් කරන බැවින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් සහිත බව පවසන ඒ මහතා ඉවත්වන මාර්ග සහ ස්ථාන හඳුනාගෙන තිබෙන බැවින් නිසි වේලාවට ඉවත් වීම අතිශය වැදගත් බව ඒ මහතා අවධාරණය කරයි.
එසේම රතු නිවේදන නිකුත් කර ඇති ප්‍ර දේශවලින් ජනතාව වහාම ඉවත් විය යුතු බව පෙන්වා දෙන ඒ මහතා නායයාමක් සක්‍රීය වීමට පෙර පෙන්නුම් කරන පාරිසරික වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.එසේම පණිවිඩයක් පිළිබඳව නිශ්චිත තහවුරු කිරීමක් ඇත්නම් 117 දුරකතන අංකය ඇමතීමෙන් අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද ඒ මහතා පෙන්වා දේ.
කඳු බෑවුම් ආශ්‍රිතව හෝ මුහුද , ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාව තම පරිසරය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙන ඒ මහතා ඇතිවන අවදානම අවම කර ගැනීමට ජනතාවගේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම වැදගත් වන බවත් හෙතෙම සඳහන් කළේය.
පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය හරහා ලැබෙන පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පෙර සූදානම් වැඩසටහන් මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් 300කට වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික්ක 25 තුළම සෑම වසරකම සිදු කරන බවත් පවසන ඒ මහතා ඒ අනුව නියමිත වේලවට ඉවත් වීම සිදු කළ යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කරන නිවේදනයන් පිළීබඳව විශ්ලේෂණාත්මකව ප්‍රජාව දැනුවත් කිරීම් සක්‍රිය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.