දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් වූ සහ මියගිය අය සිහිකර පැවැත් වූ විශේෂ දේව මෙහෙයක් ඊයේ (09) පස්වරුවේ කළුතර මහ පල්ලියේ දී (වෙට්ටුමකඩේ ඉස්ලාම් දේවස්ථානයේදී) පැවැත්විණ.
මෙම දේව මෙහෙය අල් හාෆික්, අල්හාජ් ඒ්.අයි. මුබාරක් (නූරි) ප්‍රධාන මව්ලවිතුමා විසින් පවත්වන ලදී. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් අද දිනයේ දී ජාතික මට්ටමින් පවත්වනු ලබන සර්ව ආගමික පින්කම් මාලාවට සමගාමීව කළුතර දිස්ත්‍රික් ආගමික වැඩසටහන් මාලාවේ ඉස්ලාම් ආගමික වැඩසටහන මෙලෙස පවත්වනු ලැබිණි.
කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් කළුතර මහ දිසාපති එච්.එම්.එස්.පී හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ දේව මෙහෙය සිදු කෙරිණ.
මෙම ආශිර්වාදාත්මක දේව මෙහෙය සඳහා කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කළුතර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.


