කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක් වන පිඹුර රෝහල වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙම රෝහලේ සේවය කළ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 8 දෙනෙකු පුහුණුවකට සහභාගී වීම සහ හෙද නිලධාරීන් දෙදෙනෙකු විදේශගතවීම හේතුවෙන් හෙද නිලධාරී හිඟයක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වනවිට රේඛීය අමාත්‍යංශය සමග සාකච්ඡා කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවද පැවසීය.
එසේම හෙද සේවය වෙනුවෙන් මේ වනවිට පත්වීම් 4100ක් ලබා දී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වසර ගණනාවකට පසු විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 514ක් හෙද සේවයේ නිරත වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


