"ප්‍රජාශක්ති වැඩසටහන" පිළිබඳ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලඥයින් දැනුම්වත් කෙරේ

"ප්‍රජාශක්ති වැඩසටහන" පිළිබඳ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලඥයින්  දැනුම්වත් කෙරේ
  • SocialShare:

වර්තමාන රජයේ දිළිඳුකම තුරන්කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන වැඩසටහනක් වන "ප්‍රජාශක්ති වැඩසටහන" පිළිබඳ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලඥයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඊට සමගාමීව සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා ගේ විසින් "ප්‍රජා සංවර්ධන සභාවේ" සභාපතිවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානයද සිදුකරනු ලැබිණි.2025 විමධ්‍යගත අයවැය වැඩසටහනට යටතේ මෝදර,මට්ටක්කුළිය ප්‍රදේශවල ධීවර සමිති සඳහා අවශ්‍ය ධීවර උපකරණ ලබා දීම යන ව්‍යාපෘතිට අදාළව භාණ්ඩ බෙදා දීමද එදින සිදු කරන ලදී.

කමිටු රැස්වීම අවසානයේදී ප්‍රදේශයේ සංවර්ධනයට, මහජන සුබසාධනයට අදාළ තීන්දු තීරණ රැසක් ගනු ලැබීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය, නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙන්ම ප්‍රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතා, නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.