ආබාධ සහිත සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ( Commonwealth Parliamentarians With Disabilities - CPWD) 68 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනය පසුගියදා බාබඩෝස්හිදී පැවැත් වුණු අතර මෙම සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුගත් වසන්ත ද සිල්වා මන්ත්‍රීවරයාද සහභාගී විය.
කලාපවල ආබාධ සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන මෙම සමුළුවට CPA තුළ ආබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතා නියෝජනය කරමින් රටවල් රැසක සහභාගී විය.
මෙම සමුළුවේ සෑම සාකච්ඡාවක් සඳහාම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සුගත් වසන්ත ද සිල්වා මන්ත්‍රීවරයා සහභාගි වූ අතර ඔහුට CPWD නව සභාපති තනතුර සහ අනෙකුත් නිලධාරීන් තෝරා ගැනීමේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවද හිමිවිය.
මෙම ජාලය ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන අසමානතා විසඳීමට ද උත්සාහ කරන අතර පාර්ලිමේන්තු සන්දර්භය තුළ දැනුවත්භාවය ඉහළ නැංවීමටද උපකාරී වේ.
බාබඩෝස් හි පැවති 68 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහභාගී වූ නියෝජිතයින් ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය ප්‍රවර්ධනය කරන වැඩමුළු දෙකකට ද සහභාගී විය.


