2026 අයවැයට සමගාමීව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

2026 අයවැයට සමගාමීව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්
  • SocialShare:

2026 අයවැයට සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව පත් කෙරුණු කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අද දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

 කැබිනට් අමාත්‍යවරු

  1. බිමල් නිරෝෂන් රත්නායක මහතා -       ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
  2. අනුර කරුණාතිලක මහතා -       වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  3. වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා- නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය

 නියෝජ්‍ය අමාත්‍යවරු

1   ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා -      මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

2   ටී.බී. සරත්  මහතා                            -      නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

3   එම්.එම්. මොහොමඩ් මුනීර්  මහතා       -      ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

4   එරංග ගුණසේකර  මහතා                   -      නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

5   වෛද්‍ය මුදිත හංසක විජයමුණි  මහතා  -      සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

6   අරවින්ද සෙනරත් විතාරණ  මහතා      -      ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

7   එච්.එම්. දිනිදු සමන් කුමාර  මහතා       -      තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

8   යූ.ඩී. නිශාන්ත ජයවීර  මහතා              -      ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

9   ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න           -      ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

10 එම්.අයි.එම්. අර්කම්  මහතා                -      බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය