පුනරුදයේ පුරවර පළාත් පාලන සතියේ අවසන් දිනය අදයි

පුනරුදයේ පුරවර පළාත් පාලන සතියේ අවසන් දිනය අදයි
  • SocialShare:

පුනරුදයේ පුරවරයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය  පසුගිය සැප්තැම්බර් 15 දා ආරම්භ වූ අතර, පුරා දින 07ක් ක්‍රියාත්මක වූ මෙම පළාත් පාලන සතියේ අවසන් දිනය අදට යෙදී තිබේ.

ජනාධිපති කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ශ්‍රී ලංකා පොලීසිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව අවසන් දිනය වන අද දිනයේ සමාප්ති උත්සවය සහ සහතික ප්‍රදානය සිදු කෙරේ.