විදුලිබල මණ්ඩලයේ සමාගම් සියල්ල රජය සතුයි

විදුලිබල මණ්ඩලයේ සමාගම් සියල්ල රජය සතුයි
  • SocialShare:

2025 අංක 14 දරන ශ්‍රි ලංකා විදුලිබල සංශෝධන පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩල තනි ආයතනය ඉදිරීයේදී රජයට අයත් තනි සමාගම් 6කට කොටස් කරන බව විදුලිබල ක්ශේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්‍යාලයේ අද්‍යක්ශ ජනරාල් පුබුදු නිරෝශන් හැඩිගල්ලගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කලේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි

විදුලිබල මණ්ඩලයේ සියලුම  සේවකයින් ප්‍රධාන වශයෙන් සමාගම් කොටස් 4කට අනුයුක්ත කරන බවත් ඉතිරි සමාගම් 2කට  කිසිදු සේවකයෙක් අනුයුක්ත නොකරන බවත්  ඊට වෙනම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

අගෝස්තු 27 වන විට සමාගම් 4න් 1කට සේවකයින් අනුයුක්ත කරන බවට මේවන විටත් දැනුම් දී ඇති අතරම එහිදී සේවකයින්ට ගත හැකි තීරණ දෙකක් ලෙස එම අනුයුක්ත වී ඇති  සමාගමට අනුයුක්ත වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම සහ පැවරීමේ යෝජනාව භාරගැනීම ප්‍රතික්ශේප කරන්නේනම් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාමේ ක්‍රමවේදයක් ලබා දී ඇති බවද  ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.