එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට පිටකොටුව බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අද(15) පැවති සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව පැවසීය.
පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ කටයුතු මේ වන විට රජය ආරම්භ කර ඇති බවත් , වසර 60ක් පමණ තිස්සේ මෙහි කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු කර නැතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පොදු ප්‍රවාහනය දියුණු නොකිරීමෙන් රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා වංචා දූෂණ, ආයතනයට දරා ගැනීමට බැරි තරම් සේවක පිරිස , නොසළකා හැරීම නිසා මෙම ආයතන පසුගිය වසර 50,60ක කාලයක් තිස්සේ පොදු ප්‍රවාහන පද්ධතිය බිඳ වැටී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


