සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්
  • SocialShare:

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (28) පෙරවරුවේ ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය SHRI JAGAT PRAKASH NADDA සහ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය  අමාත්‍යතුමිය වන SMT. ANUPRIYA PATEL හමුවී දෙරට සෞඛ්‍ය සේවාවන් පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත විය.

මෙහිදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල, ඖෂධ සැපයීමේ වැඩපිළිවෙල, සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙල සහ නවීන තාක්ෂණික උපකරණ සෞඛ්‍ය සේවාව සඳහා ලබා ගැනීම යන ප්‍රධාන කරුණු පිළිබඳව දෙරමේ සෞඛ්‍ය අමාත්‍යවරුවන්  දීර්ඝව සාකච්ඡා කරන ලදි. 

ඉන්දියානු රජය විසින් බෝනොවන රෝග අභියෝගයයට මුහුණ දීම සඳහා  3000 - 5000 ත් අතර  ජනතාවක් කේන්ද්‍රකරගනිමින් එක් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින් පිහිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබන බවත්,  දැනට මෙවැනි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 150,000 ක් පමණ ස්ථාපිත කරමින්  එම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වල තත්ත්වය උසස් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරමින්  පවතින බව ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය SHRI JAGAT PRAKASH NADDA මහතා මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුවත් කිරීමට ද කටයුතු කෙරණි. 

මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මක මෙම   ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ සහ උසස් කිරීමේ වැඩපිළිවෙල ඉදිරියේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නිරීක්ෂණයට ද ලක් කිරීමට ද නියමිතය.