විදෙස් රටවල සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර

විදෙස් රටවල සිට  මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර
  • SocialShare:

විදේශ රටවල සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී , අත්අඩංගුවට ගැනීම සම්බන්ධනේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය.

කිසිදු දේශපාලන බැලපෑමකින් තොරව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට හැකා වූ බවද පොලිස්පතිවරයා පැවසීය.

සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාත්මකවීම, ලෝකයේ බොහෝ රටවල රැල්ලක් වී තිබෙන බවත් විශේෂයෙන් ඩුබායි , ඕමාන්,රුසියාව, ප්‍රංශය වැනි රාජ්‍යයන්වල සිටින මෙම අපරාධකරුවන් ජාලගතව විසිරි සිටින බවත් ඉදිරියේදී , එම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බවත් පොලිස්පතිවරයා පැවසීය.

මේ වන විට විදේශයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට විදේශ තානාපති කාර්යාල හරහා තානාපතිවරුන් සමග හොඳ සම්බන්ධීකරණයක් සහ  හොඳ විස්වාසයක් ශ්‍රි ලංකා පොලීසිය ගොඩ නගා ගෙන ඇතැයිද පොලිස්පතිවරයා පැවසුවේය.

සංවිධනාත්මක අපරාධවලට දේශපාලන ඉතිහාසයක් තිබු බවත්,  ඔවුන් නිකම්ම ගොඩ නැගුනේ නැති බවත් මෙම දේශපාලන පරිසරය වෙනස්විමත් සමගම දේශපාලන රැකවරණය නොමැති වූ විට ඔවුන් රටින් බැහැරව ගිය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සංවිධානාත්මක අපරාධ සඳහා දඩුවම් ලබා දීමට විශේෂ නීති සකස්කළ යුතු බවත්, සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බවත් අධිකරණ අමාත්‍යංශය ඒ වෙනුවෙන් ක්‍රියා කරන බවද  ඒ මහතා සඳහන් කළේය

දේශපාලනය සඳහා අපරාධකරුවන්ගේ දේපළ යොදා ගත් අවස්ථා ඇති බවත්,  වර්තමානයේ ඔවුනට දේශපාලන රැකවරණය නොමැති නිසා විදෙස් රටවල සිට සක්‍රියව අපරාධ මෙහෙය වීම නොකරන බවත් ද පැවසුවේය. තවද මත්ද්‍රව්‍ය ජාවාරම , පතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා ශ්‍රි ලංකා පොලීසියට දන්වන ලෙසත් එම තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ විස්වසනීයත්වය රහස්‍යභාවය රකින ලෙසත් පොලිස්පතිවරයා සඳහන් කළේය.