හිටපු ජනපති අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විරෝධයක් නැහැ

හිටපු ජනපති අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විරෝධයක් නැහැ
  • SocialShare:

කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ  රාජ්‍ය සංවිධානයක් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා නොමැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරකවිජිත හේරත් මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇතැම් අය ප්‍රකාශ නිකුත් කළද ඒවා පුද්ගලයන් වශයෙන් සිදුකළ ප්‍රකාශ වන අතර කිසිඳු අයුරකින් ජාත්‍යන්තරයෙන් විරෝධයක් එල්ල වී නොමැති බව හෙතෙම කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

විශේෂයෙන්ම මහ කොමසාරිස් කාර්යාලයක්, තානාපති කාර්යාලයක්, තානාපතිවරයෙක් හෝ මහ කොමසාරිස්වරයෙක් එවැන ප්‍රකාශයක් කරලා නැහැ.  ලංකාව තුළ දැන් නීතිය කාටක් එක හා සමානව ක්‍රියාත්මක වෙනවා කියලා ජාත්‍යන්තරය දකිනවා. පසුගිය කාලයේ රටට තිබුණ චෝදනාවක් තමයි නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. අද ඉතින් රටටම, මුළු ලෝකයටම පිළිගන්න පුළුවන් නීතිය කාටත් සමානයි කියන එක.  කවුරු වැරැද්දක් කළත් කිසිඳු වෙනස්කමක් නැහැ නීතිය ක්‍රියාත්මක වෙනවා