පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අදයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අදයි
  • SocialShare:

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටී.

ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දීමට නියමිත අතර එය පෙරවරු 10.45 වන විට අවසන් වීමටද නියමිතව ඇත.

ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් හිමවේ.

විවේකයෙන් පසුව පළමු ප්‍රශ්න පත්‍රය 11.15ට ආරම්භ වීමට නියමිත අතර පස්වරු 12:15 වන විට අවසන් වීමට නියමිතව ඇත.

ඒ අනුව 09 : 30ට ආරම්භ වන විභාගය පස්වරු  12:15ට අවසන් වීමටද නියමිතය.

අද දිනයේදී ආරම්භ වන ශිෂ්‍යත්ව විභාගය අතරතුර යම් කිසි ආපදා තත්ත්වයක් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුවත් කළ හැකිය. ඒ වෙනුවෙන් වූ විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත.