ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබේ. සාගරය වටිනාකම හා සාගරය ආරක්ෂා කර ගැනීමේ අවශ්යතාවය පිළිබඳව දැනුවත් කරමින් ලෝක සාගර දිනය සමරනු ලබයි.
සාගර සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම, මුහුදු පරිසරය ආරක්ෂා කිරීම සහ ජනතාව අතර දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම දිනයේ ප්රධාන අරමුණු වේ.
ශ්රී ලංකාවේ සාගර කලාපය සුරක්ෂිත කරමින් "නිල් ආර්ථිකය" (Blue Economy) ශක්තිමත් කිරීම උදෙසා විද්යාත්මක හා ප්රායෝගික වැඩපිළිවෙළක් මේ වන විට ක්රියාත්මක වේ.
අද දින සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය (OUSL) එක්ව ඇරඹීමට නියමිත"1 වන ICMSS 2026 සාගර විද්යා සහ තිරසාරත්ව ජාත්යන්තර සමුළුව" සහ "Ocean Watch" ජංගම යෙදුම (Mobile App) හඳුන්වා දීම, තාක්ෂණය ඔස්සේ සාගරය සුරැකීමට ගත් තීරණාත්මක පියවරකි.
ප්ලාස්ටික් දූෂණය, අධික මසුන් ඇල්ලීම, දේශගුණික විපර්යාස සහ මුහුදු ජීව විවිධත්වයට එල්ල වන තර්ජන හේතුවෙන් සාගර පද්ධති දැඩි අභියෝගවලට මුහුණ පා සිටීන බවැන් සාගර ආරක්ෂාව සඳහා රාජ්යයන්, ආයතන සහ පුද්ගලයන් එක්ව ක්රියා කිරීමේ අවශ්යතාව ලෝක සාගර දිනයේදී අවධාරණය කරයි.
මෙම දිනය නිමිත්තෙන් ලොව පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්, දැනුවත් කිරීමේ සම්මන්ත්රණ, අධ්යාපනික වැඩමුළු සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.


