අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකාව සඳහා ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ කටයුතු මේ වන විට විද්වත් කමිටුවක දායකත්වයෙන් සිදු කෙරෙමින් පවතී.
මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ ක්‍රියාවලියේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා සහ අදහස් ලබා ගැනීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පැවැත්වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඊට සමගාමීව මහජන අදහස් විමසීමක් ද සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මේ සඳහා යෝජනා හා අදහස් ලබා ගැනීමට මාර්ගගත ප්‍රශ්නාවලියක් උසස් අධ්‍යාපන අංශයෙහි වෙබ් පිටුව වන www.mohe.gov.lk වෙත ඇතුළත් කර ඇත.
https://mohe.gov.lk/survey.html යන සබැඳිය ඔස්සේ පිවිසීමෙන් මේ සඳහා මහජනතාවට තම අදහස් ඉදිරිපත් කළ හැකි ය.


