සංචාරක වීසා මත මෙරට රැඳීසිටින විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම නීතිවිරෝධී බවත් එසේ සිදු කරන විදේශිකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ නොකිරීමට රජය කටයුතු කර ඇති බව ද කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙරටට පැමිණෙන ඕනෑම විදේශ සංචාරකයකුට ආරක්ෂාව ලබා දීම රටේ වගකීම වන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඊයේ දින ආරුගම්බේ ප්‍රදේශයට රටවල් 20ක පමණ සංචාරකයන් පැමිණි අතර එම පිරිසෙන් සියයට විස්සක් පමණ ප්‍රමාණයක් ඊශ්‍රායල ජාතිකයන් වන බවත් පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බවත් ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය , විශේෂ කාර්යය බලකාය , ගුවන් හමුදාව යුද හමුදාව යොදවා ඇති බවත් පෙන්වා දුන්නේය.එසේම රටක් ලෙස විශේෂ ආරක්ෂාවක් ලබා දීම ලෙස නොව සමස්ත විදේශ සංචාරකයන්ට ආරක්ෂාව ලබා දීමට රජය කටයුතු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ආරුගම්බේ සහ වැලිගම ප්‍රදේශවල සංචාරක වීසා මත මෙරට රැඳී සිටින පුද්ගලයන් ව්‍යපාරික කටයුතු සිදු කරන බවට ලද පැමිණිලිවලට අනුව සිදු කළ පරික්ෂණවලදී අත්අඩංගුවට පත් පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් මුදලට ගැති වී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඔවුන්ගේ නමින් වෙනත් අයෙකුට අනීතිකව ව්‍යාපාරයක් සිදු කිරීමට ඉඩ නොදීමට කටයුතු කළ යුතු බවත් මෙම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පොලිස් සංචාරක කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විදානගම මහතා සඳහන් කළේය
උණවටුන ප්‍රදේශයේ ව්‍යාපාර සිදු කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකුට විරුද්ධව නීතිමය කටයුතු සිදු කළ බව සඳහන් කළ ඒ මහතා පෙන්වා දුන්නේය.
ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් වන්දනාමාන සිදු කරන ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දී නැති බවත් විශාල වශයෙන් එම ජාතිකයන් පැමිණෙන විට ඔවුන්ට ආරක්ෂාව ලබා දීම පොලීසියේ වගකීම වන බවත් එම ජාතිකයන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙනවාද සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළීතුරු ලබා දෙමින් ඒ මහතා සඳහන් කළේය.


