1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ළමා ආරක්ෂණය සඳහා වන කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් සඳහා "1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ සංශෝධන ක්‍රියාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම" යන මැයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය හිමි වී තිබේ.
සියලු ආකාරයේ ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජනයන්ට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යය සඳහා සහ සියලු ආකාරයෙන් වූ ළමා අපයෝජන වලට එරෙහි ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සහ නියාමනය කිරීමේ අරමුණින් අධිකාරියක් පිහිටවීම සඳහා 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින සම්මත කර මේ වන විට වසර 25 ක කාලයක් ගතවී ඇති අතර මෙම කාලසීමාව තුළ සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්තනයන් හේතුවෙන් ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන හා හිංසනයන් සංකීර්ණ ස්වාභාවයකට පත්ව තිබේ.
ඒ් අනුව ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැළැක්වීම සඳහා්, ප්‍රතිචාර දැක්වීම සඳහාත් පවතින නීති රීති කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.


