පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවන රක්ෂණාවරණ ස‍ීමාව සංශෝධනයට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවන රක්ෂණාවරණ ස‍ීමාව සංශෝධනයට කැබිනට් අනුමැතිය
  • SocialShare:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවන රක්ෂණාවරණ ස‍ීමාව සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000/- ක් දක්වා සීමා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමූහ රක්ෂණාවරණයක් සලසා දීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් මණඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. පසුගිය කාලසීමාව තුළ  මන්ත්‍රීවරුන්ට මෙම රක්ෂණාවරණය සලසා දී ඇත.