රු. මිලියන 92ක වියදමින් නවීකරණය කළ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඒකක දෙකක් හෙට (12) ජනතා අයිතියට

රු. මිලියන 92ක වියදමින් නවීකරණය කළ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඒකක දෙකක් හෙට (12) ජනතා අයිතියට
  • SocialShare:

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නවීන පහසුකම් සහිතව නව්‍යකරණය කළ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය (A&E) සහ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය හෙට (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 92කට අධික මුදලක් වැය කර ඇති අතර, හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා රුපියල් මිලියන 37ක් සහ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය සඳහා රුපියල් මිලියන 55ක් වෙන් කර තිබේ. නවීකරණයෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගී ධාරිතාව 18 සිට 47 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔක්සිජන් පහසුකම් සහ කාර්ය මණ්ඩල ධාරිතාව ද සැලකිය යුතු ලෙස වැඩි කර ඇත. මධ්‍යම පළාතේ ප්‍රමුඛ තෘතියික සත්කාර රෝහලක් වන පේරාදෙණිය ශික්ෂණ රෝහල මගින් වාර්ෂිකව නේවාසික රෝගීන් 80,000කට අධික පිරිසකට සහ බාහිර රෝගීන් ලක්ෂ 2.5කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිකාර සේවා සපයනු ලබයි.