කලුතර ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඟහරුවාදා දින (05) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12ක කාලයක් කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම විසන්ධි කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව කලුතර දකුණ , කලුතර උතුර , නාගොඩ , වස්කඩුව , පොතුපිටිය වාද්දුව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරේ.
ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ එම මණ්ඩලය කණගාටුව පළ කර සිටින අතර ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.


