දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්රියාත්මක කරන ලද මානුෂීය ප්රමුඛතා සැලැස්ම (Humanitarian Priorities Plan - HPP) සමාප්තිය සනිටුහන් කිරීම අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති සහ ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹදී සිදු කෙරිණි.
ශක්තිමත් දේශපාලන නායකත්වය සහ ව්යසන තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් දැක්වූ කඩිනම් ප්රතිචාරය හේතුවෙන් දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ආරම්භ කළ මානුෂීය සහනාධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වූ බව ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා මෙහිදී පෙන්වා දුන්නේය.


