දළදා වහන්සේ උදෙසා ආදිවාසී ජනතාවගෙන් මී පැණි පූජාවක්

දළදා වහන්සේ උදෙසා ආදිවාසී ජනතාවගෙන් මී පැණි පූජාවක්
  • SocialShare:

පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රයක් මෙන්ම දළදා හාමුදුරුවන් උදෙසා බැතිබර පූජාවක් වන ආදිවාසි ජනතාවගේ මී පැණි පූජාව අද (04) දළදා වහන්සේ උදෙසා පූජා කෙරිණි.

පළමු රන්දෝලි පෙරහර සුබ නැකතින් අද මහනුවර වීදි සංචාරය කිරීමට ද නියමිත ය.

සියවස් ගණනාවකට එපිට ඈත ඉතිහාසයේ, රාජධානියෙන් රාජධානියට වැඩ හිඳි උතුම් දළදා හාමුදුරුවන් නේකවිධ පුද පූජා‍වන් ලද බව ඉතිහාසය සාක්ෂි දරයි.

මහනුවර රාජධානියට වැඩම වූ දළදා වහන්සේ උදෙසා එම පුද සත්කාරයන් අදටත් නොඅඩුම ලබන්නේ, බැති දනගේ නොමද ගෞරව බුහුමන් මධ්‍යයේ ය.