සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර මීට ස්වල්ප මොහොතකට පෙර ආරම්භ විය.
පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් සැදැහැවතුන් විශාල වශයෙන් පෙරහැර මඟ දෙපස රැදී සිටී.
රන්දෝලි පෙරහැරේ පළමු දිනයේදී දළදා වහන්සේ උදෙසා චාරිත්‍රානුකූලව ආදිවාසීන් විසින් සිදුකරන මීපැණි පූජාව මෙවරත් සිදුකෙරිණි.
ඒ ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ ප්‍රධානත්වයෙනි.
අද සිට පුරා දින 05ක් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන අතර අගෝස්තු මස 08 වන දින රාත්‍රී අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරයි.
සිව් මහ දේවාල ගැටඹේ දිය කපනා ගං තොටේදී දිය කැපීම හා පසුදින දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහැර අවසන් බව සදහන් සන්දේශය ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂීක පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.


