අනුරාධපුර දිස්ත්‍රික්කය තුල විෂ මත්ද්‍රව්‍ය නිවාරණය සදහා වන ඒකාබද්ධ සැලැස්ම සකස් කිරීම සඳහා අදාල සියලු පාර්ශවයන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 29 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පළාත් සභාවේදී පැවැත්විණි.
විෂ මත්ද්‍රව්‍ය හේතුවෙන් පාසල් දරුවන්ට, තරුණයින්ට, සමස්ත සමාජයටම සිදුවන බලපෑම පිළිබඳව මෙන්ම එය නිවාරණය කිරීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් විය. එහිදී අනුගමනය කල යුතු උපායමාර්ග, සමාජ අවබෝධය, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ග්‍රාමීය, නාගරික ප්‍රදේශයන් තුල ඇති සමිති, කමිටු ඇතුලු සියලු සමාජ යාන්ත්‍රනයන් මෙම විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන කෙරෙහි යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද අවධානයක් යොමු විය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්, මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති, උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා ඇතුලු පොලිස් නිළධාරීන්, පළාත් ප්‍රධාන ලේකම් ඇතුලු පළාත් සභා ප්‍රධාන නිලධාරීන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ පාසල් විදුහල්පති වරුන්, ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ.


