ඉදිරියේදී Online ක්‍රමයට ගෙවීම්කර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉඩම් සිතියම්වල පිටපත් නිවසට ගෙන්වා ගැනීමට අවස්ථාව සළසන බව , මිනින්දොරු දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලංකා සර්වේ ජෙනරාල් වයි.ජී ඥාණතිලක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ , අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ශ්‍රි ලංකා මිනින්දොරු දෙපාර්තමේන්තුවේ 225වෙනි සංවත්සරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.
මේ වන විට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සියලුම සිතියම් , පිඹූරු පත් ආදිය ඩිජිටල්කරණයකර, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යන බවත් , ඉඩම් පිළිබඳ සියලුම තොරතුරු, පද්ධතියේ තිබෙන ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මහජනතාවට දැක බලාගැනීමට අවස්ථාව ලබා දෙන බවද කීය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඉඩම් තොරතුරු පද්ධතිය නිසි පරිදි යාවත්කාළීන කරගෙන යනවා. කැඩැස්තර සිතියම් වශයෙන් පිළියෙළ කර තිබෙන බිම් සවිය ඉඩම් කැබලි ලක්ෂ 24ක් ඊට ඇතුළත්කර තිබෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ තොරතුරු ලබා ගනිමින් එම කටයුතු සිදු වෙනවා යනුවෙන්ද පැවසීය.
ශ්‍රී ලංකා මිනින්දොරු දෙපාර්තමේන්තුවේ 225වෙනි සංවත්සරය අගෝස්තු මස 01 වැනිදා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ශ්‍රවාණාගාරයේදී පැවැත්වීමට නියමිත බවද ස(ර්)වේ ජෙනරාල්වරයා පැවසීය.
එදිනට සමරු මුදදරයක් නිකුත් කිරීම සිදු කරන බව සඳහන් කළේය. මේ කාලය පුරාවට මහජනතාවට සිතියම් ලබා දීම සිදු කළේ කාර්යාලයට පැමිණ අවශ්‍ය තොරතුරු ලබා දීමෙන් අනනතුරව බව කී ඒ මහතා එදිනට හඳුන්වා දෙන Online ක්‍රමය මඟින් මහජනතාවට මුදල් ගෙවා සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට හැකිවන බව ද පැවසුවේය.
වසර 225ක් පුරාවටම ශ්‍රි ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සිතියම්කරණය ,ඉඩම් කළමණාතකරණයට අදාළ අවශ්‍ය තොරුතුරු ලබා දීම, රටේ සංවර්ධන කාර්යයට අවශ්‍ය තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීම මෙන්ම මහජනතාවට අවශ්‍ය මැණුම් සම්බන්ධයෙන් වූ සියලු කාරණා වෙනුවෙන් සේවයක් ලබා දීම සිදු කළ බවද සඳහන් කළේය.


