ධම්මදස්සී අනු නා හිමි දැයෙන් සමු ගනිති

ධම්මදස්සී අනු නා හිමි දැයෙන් සමු ගනිති
  • SocialShare:

දශක පහකට අධික දිගු ශාසණික මෙහෙයක් ලක් ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් කළ, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවාර්හ අනුනායක ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ(24) පස්වරුවේ මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේ පැවැත්විණි.

ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේට අවසන් බුහුමන් දැක්වීම පිණිස ඊයේ පස්වරු 1 පමණ වන තෙක් අවස්ථාව සළසා දී තිබූ අතර, අස්ගිරි මහා විහාරයේ තැන්පත් කර තිබූ දේහයට දිවයිනේ නන්දෙසින් පැමිණි ගිහි පැවදි විශාල ජනතාවක් අවසන් ගෞරව දැක්වූහ.

අනතුරුව දේහය විහාරස්ථ පරිශ්‍රයෙන් අස්ගිරි මහා විහාරයේ ගරුතර මහා සංඝරත්නයේ උර මතින් වැඩමවා අවමංගල්ල්‍ය පෙරහර අස්ගිරි මහා විහාරයේ සිට පොලිස් ක්‍රීඩාංගනය දක්වා ගමන් ආරම්භ කළේය. අවමංගල්ල්‍ය පෙරහර පස්වරු 3ට පොලිස් ක්‍රීඩාංගනය වෙත ළඟා වීමෙන් පසු ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ විය.

එහිදී මූලික ආගමික වතාවත් ඉටුකිරීම හා අනුශාසනාව සිදුකරනු ලැබුවේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ විසිනි. මල්වතු මහා විහාර පාර්ශවය වෙනුවෙන් ප්‍රධාන අනුශාසනාව සිදුකරනු ලැබුවේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නි‍යංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ විසිනි.

ආගමික වතාවත්, අවමංගල්ල්‍ය ශෝක ප්‍රකාශයන් වලින් අනතුරුව ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය චිතකය වෙත වඩමවා ආදාහනය කරන්නට යෙදුණි.

කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය, ක‍ටුගස්තොට ලියන්ගස්තැන්න රජමහා විහාරය, කුරණෑගල තෝරයාය, හැඟව ටැම්පිට රජමහා විහාරය යන විහාරස්ථාන ඇතුළුව විහාරස්ථාන රැසක අධිපතිත්වය දැරූ ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ 2016 වසරේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවියට පත්ව අස්ගිරි මහා විහාරයීය සම්භාවනීයත්වය හා සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් ඉටුකළ උදාර මෙහෙවර අනගිභවනීය වේ.

පුරා දශක පහකට ආසන්න කාලයක් සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා සමස්ත ජීවිතයම කැප කළ, නිහතමානී ගුණයෙන් අනූන, ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමක ලෙස, සංයමශීලි පෞරුෂයකින් හෙබි ශ්‍රද්ධා සීලාදී ගුණයෙන් යුත් සෘජු, මෘදු ලක්ෂණවලින් ස්වකීය පැවැදි දිවිය ආලෝක කරගත් මහා යථිවරයාණන් වහන්සේ නමක වූ ආණමඩුවේ ධම්මදස්සී අනුනායක හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව