අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර පුනරුත්ථාපන ප්‍රජා දැනුවත් කිරීමේ ජංගම වැඩසටහනක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල, වනාතමුල්ල - සහස්පුර මහල් නිවාස සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් අද එනම් 2025 ජූලි මස 24 වන දින පැවැත්විණි.
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය. නජිත් ඉන්දික මහතාද සහභාගී වූ අතර රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන , ස්වේච්ඡා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම් සහ තරුණ කණ්ඩායම් දැනුවත් කිරීම හරහා එම ප්‍රදේශයේ ප්‍රජාව දැනුවත් කිරීම සිදුකළ අතර උපදේශනය සඳහා පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම ද මෙම වැඩසටහන හරහා සිදු කරන ලදී.


