කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපන් රජය ඒකාබද්ධව හිංසනයෙන් තොර පොදු ප්‍රවාහන සේවාවක් ඇතිකිරීම ඉළක්ක කරගත් ජාතික මට්ටමේ ප්‍රචාරණ වැඩසටහනක් ඊයේ (23) එළිදක්වන ලදී.
බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා, ජපාන තානාපති Akio Isomata මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වූහ.
කාන්තාව සහ දරුවන් සුරක්ෂිත කිරීමේ දී එහි මූලිකම අංගයක් ලෙස සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් වන අතර පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව තහවුරු කරමින් එය ජනතාවට විශ්වසනීය සහ ගෞරවනීය සේවයක් බවට පත්කිරීම අප ඉලක්කයයි.


