නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පත් කෙරේ

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පත් කෙරේ
  • SocialShare:

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ තීරණය පරිදි, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති 258 II යටතේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස රාජකාරි ඉටුකිරීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස රාජකාරි ඉටුකරමින් සිටි සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පත්කර ඇත.


2024.12.16 වන දින සිට මේ වන තෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී මනතුංග මහතා ඉහත නියෝග ප්‍රකාරව පොලොන්නරුව කොට්ඨාසය භාර නිලධාරීවරයා ලෙස පත්කර තිබේ.