ඉන්දියාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
  • SocialShare:

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වටිනාකමින් යුත් ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත පරිත්‍යාග කර තිබේ.

මෙම උපකරණ තොගය අද(16)අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයේදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම පරිත්‍යාගය දෙරටේ සන්නද්ධ හමුදා අතර දිගුකාලීන සහ ශක්තිමත් සබඳතාවයේ තවත් සුවිශේෂී පියවරක් බව ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ අතර, පුහුණුව, මානුෂීය ආධාර, යටිතල පහසුකම් සංවර්ධනය සහ ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම දක්වා දෙරටේ සහයෝගීතාව පුළුල් වී ඇති බවද සඳහන් කළේය. ඉන්දියාව මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සඳහා වාහන, වෛද්‍ය උපකරණ සහ අනෙකුත් ආරක්ෂක ආධාර රැසක් ද ලබාදී තිබේ.